සහතිකකරණය සහ පාරිභෝගිකයා
මිනිස් ශිෂ්ථාචාරයේ මුල සිටම තමාගේ පාරිභෝජනය සඳහා විවිධ දේවල් ලබාගැනීම මිනිසාගේ ස්වාභාවික ක්‍රියාවක් වූ අතර, එම "ක්‍රියාව" මානව පරිණාමයේදි සිදුවූ විවිධ පරිවර්ථන නිසා "ක්‍රියාවලියක්" බවට පත්විය.මෑත ඉතිහාසය තුල දෛනික පාරිභෝජනය සඳහා අයිතමයන් මිළදී ගැනීම ඉහල ගොස් ඇති අතර ඒ හා සබැඳුනු විවිධ ප්‍රතිවිපාක නිසා පාරිභෝගිකත්වයේ විශාල වෙනස්කමක් සිදුවී ඇත. දශක කීපයක සිට සිදුවුන විද්‍යාත්මක දියුණුව සහ පෙරළිය ඉහත කී වෙනස්කමේ මුල් පුරුක බවට පත්විය. වාණිජකරණය සහ කාර්මිකරණය නිසා මිනිසුන්ගේ අවශ්‍යතා විවිධ වූ අතර, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට අවැසි කරුණු කාරණා එකිනෙක සම්පාදනය වී විවිධත්වයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත්විය. මෙම වෙළඳපොල තුල ඇති සියළුම භාණ්ඩ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් ඒ අයුරින්ම සංසිඳුවයිද? පාරිභෝජනය තුළින් වෙනත් ගැටළු ඇතිවෙයිද? මෙම ප්‍රශ්න හටගැනීමත් සමග පාරිභෝගකයන්ගේ සිත තවත් ආකාරයකට ඒ පිළිබඳ සිතීමට යොමු විය. මෙම ගැටළුවට විශේෂයෙන්ම මුහුණපෑමට සිදුවූයේ ආහාරපාන නිශ්පාදනය සහ මිළදීගැනීම තුලය. මෙම…
